එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප
එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සහ ඊට අදාළව මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.