විදුලි විසන්ධිවීම් සිදුවෙයි..තෙල් නැති වෙයි.. ඉදිරි දින ගැන අනතුරු ඇගවීමක්

By Sithumi Nov 26, 2021 02:09 PM GMT
Sithumi

Sithumi

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි. 

 කෙරවළපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් විදෙස් සමාගමකට පැවරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් එම සංගමය මෙම පියවර ගෙන තිබුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, 

"අකුරට වැඩ කිරීමේදී සිදුවෙන්නේ පද්ධතිය ටිකෙන් ටික බිඳවැටෙන එක. විදුලි විසන්ධිවීම් සිදුවෙයි. එය එන්න එන්නම වැඩිවෙයි. ජලය නැතිවෙයි. රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයි. තෙල් ගහන්න බැරිවෙයි. රට නවතියි. අපිව එතනට තල්ලු කරන්න එපා." 

මේ අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීම සහ විදුලි බලාගාර සඳහා ගෑස් සැපයීමේ ඒකාධිකාරය එම සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. 

 මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ අදාළ පෙත්සම් අද (26) ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවේදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. 

 පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන පාර්ශ්ව අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. 

 පෙත්සම්කරුවන් පවසන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවය

. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කරයි. 

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි. එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනුලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ලෙසද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා ඇත

. ඒ අනුව අදාළ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එළඹෙන සඳුදා සලකා බැලීමට තීරණය කෙරුණි. 

 පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. 

 ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොවන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දී තිබුණි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාව

නිරතවුණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා,

"අධිකරණය ගැන විතරයි අපිට අද විශ්වාසයක් තියන්න පුළුවන්. දෙසැම්බර් 8 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත සේවකයෝ බලාගාරවලින් ඉවත් වෙනවා. කොළඹට එනවා." ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා

, "අපි වගඋත්තරකරුවෝ. අපි වෙනම අධිකරණයට යනවා. අපි යන්නේ නෑ තීතිපතිගේ ආවරණය උඩ." එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, ඒ කියන්නේ රටට මේක අසාධාරණයක් වෙන ගිවිසුමක් ද? වාසුදේව නානායක්කාර - "අනිවාර්යයෙන්ම..ඇත්ත වශයෙන්ම."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now