ගුරුවරුන්ගේ පමණක් වැටුප් වැඩි කලොත් වර්ජන රැල්ලක්..දැඩි අනතුරු ඇගවිමක් (PHOTOS)

GMOA TEACHERS STARLIN PRICIPLE STRIKE
By Sewvandhi Oct 06, 2021 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොකරන අයුරින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වුවහොත් ඉන් බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ජාතික වැටුප් ප්‍රතිපත්ති ආරක්ෂා නොවුණහොත් යළිත් 2003 වසරේ මෙන් වෘත්තීය සමිති ක්‍රියාදාමයක් ඇතිවිය හැකි බවයි.

වැටුප් පරිමාණ අනුපාතය ඉහළ නංවමින් ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුළ වැටුප් විෂමතා නිවැරදි කරන ලෙසත් ජාතික දීමනා ප්‍රතිපත්තියක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කව දුරටත් පැවසීය.

මේ අතර, මෙරට ගුරු දිනය සැමරෙන අද (06) දිනයේ සිය වැටුප් විෂමතා විසඳන ලෙස රජයට බලකරමින් ගුරු - විදුහල්පති වෘත්තීය සංගම් රට පුරා ස්ථාන රැසකදී උද්ඝෝෂණ මාලාවක් දියත් කර තිබේ.

උද්ඝෝෂණයේ නිරත ගුරු සංගම් රජයට අවධාරණය කරන්නේ වැටුප් ගැටලුව විසඳීමට අදාළව තමන්ට සාකච්ඡාවක් ලබාදෙන ලෙසය. උද්ඝෝෂණ ව්‍යාපාරය නම් කර ඇත්තේ 'අඳුර නසන ගුරු පරපුර අඳුරට හෙළීමට එරෙහිව ජාතික කළු විරෝධතාවය' ලෙසය.

කොළඹ ලිප්ටන් වටරවුම අසලට රැස්වූ ගුරු හා විදුහපල්පති වෘත්තීය සන්ධානය අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කර තිබුණි. ඊට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවලදී ද උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි. මෙම විරෝධතා සංවිධාන කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මහජන ඒකරාශීවීම් සඳහා අවසර හිමි නොවන පසුබිමක් තුළය.

උද්ඝෝෂණ සඳහා එක්වී සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා, "අපි මේ උද්ඝෝෂණය කරලා ආණ්ඩුවට දෙන පණිවුඩය තමයි වහාම ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම් ලබාදෙන්න ඕනේ කියන එක. විසඳුම් වෙනුවෙන් අපි ඕනම ක්‍රියාමාර්ගයක් ගන්නවා."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha