යළිත් මෙරට කොවිඩ් තත්ත්වය භයානකයි - වෛද්‍යවරයෙකු ගෙන් අනතුරු ඇඟවීමක්

Srilanka covid 19
By Sithumi Oct 11, 2021 11:51 AM GMT
Sithumi

Sithumi

Report

කොළඹ නගරය අවට සැරිසරණ බොහෝ පිරිසකගේ මේ වන විට මුඛ ආවරණ දැකිය නොහැකි බව කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය විජයමුණි මහතා පවසයි. අද (11) කොළඹ පැවති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමා අද දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් වු බවත් එහිදී බොහෝමයක් පිරිස මුව ආවරණ නිකටේ පැලඳ සිටිනු දැකගත හැකි වු බවත් පැවසු ඒ මහතා, මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බව ද පැවසීය.

2020.03.12 වන දින සිට මේ දක්වා කොළඹ නගරය තුළින් කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වු අතර එයින් පුද්ගලයින් 1,098ක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි ද වෛද්‍ය විජයමුණි මහතා කියා සිටියේය. ප්‍රතිශතයක් ලෙස ගත්විට සමස්ත කොවිඩ් මරණවලින් 5%ක් කොළඹ නගරයෙන් වාර්තා වන බවත් ඔහු පැවසීය. 

 "කොළඹ නගරය තුළින් ගිය අවුරුද්දේ මාර්තු 12වනදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 25,833ක් වාර්තා වෙලා තියෙනවා. ඒ තුළින් 1,098ක් මේ වන විට කොවිඩ්වලින් මිය ගිහින් තියෙනවා කොළඹ නගරය තුළ. ප්‍රතිශතයක් හැටියට ගත්තාම කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය 7%ක පමණ ප්‍රමාණයකුත් සමස්ත මරණවලින් 5%ක් පමණ ප්‍රමාණයකුත් කොළඹ නගරය තුළින් වාර්තාවෙලා තියෙනවා මේ දක්වා. 

මම නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා විශේෂයෙන්ම කොටුව, පිටකොටුව යන ප්‍රදේශවල මොකද වෙන්නේ කියලා බලන්න. විශේෂයෙන්ම පළවන හරස් වීථිය දෙවන හරස් වීථිය, ප්‍රධාන වීථිය මේවාගේ අධික ලෙස ජනගහනය ගැවසෙමින් සිටිනවා. සමහරු තවමත් මාස්ක් එකක්වත් පලඳින්නේ නැතිව හෝ නිකට ට දාගෙන සිටිනවා. ඉතින් මේක ඉතාමත්ම භයානක සිද්ධියක්. එන්නත්කරණය විතරක් නෙමේ අවසාන විසඳුම. අනිවාර්යයෙන්ම තවත් අවුරුද්දක් හෝ දෙකක් මේ නව සාමාන්‍යකරණය යටතේ අපිට ඉන්නට අත්‍යාවශ්‍ය වෙනවා."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now