සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි දැඩි අනතුරු ඇගවීමක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.
විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් යම් පුද්ගලයෙකු දිවයිනට පැමිණෙන්නේ නම් ඔහු සිකා වෛරසය ආසාදිතයෙකු ද යන්න පිළිබදව කඩිනම් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.
මෙහි විශේෂත්වය වන්නේ අදාළ වෛරසයෙන් නූපන් ළදරුවන්ගේ විකෘතිතා ඇති කිරීමයි. මදුරුවන් මගින් පැතිරෙන සීකා වෛරසය ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තාවී තිබෙනවා.
ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ වෛරසය ආසාදනය වූ 13 දෙනෙකු පමණ වාර්තාවූ බවයි. මීට පෙර 2016 සහ 2017 වසරවලදී ඉන්දියාවේ ගුජරාට ප්රාන්තයෙන්ද මෙම වෛරසය හඳුනාගෙන තිබුණා.
මෙම වෛරසය පැතිරයාමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේ පෙබරවාරි මාසයේදී හදිසි සෞඛ්‍ය අවදානමක්ද නිකුත් කර තිබූ අතර, එය මාස 9 කට පසු ඉවත් කර තිබුණා. එම කාලසීමාවේදී සීකා වෛරසය හේතුවෙන් කුඩා හිස් සහිතව ඉපදුණු ළමයින් ලොව රටවල් 30කින් වාර්තා වූ අතර බ්‍රසීලය ඒ අතරින් ප්‍රධානයි.
එය හඳුනා ගැනීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් සෑම දිස්ත්‍රික්කයකම මේ පිළිබඳව සෝදිසියෙන් සිටින බව වාර්තා වනවා. මදුරුවන්ගෙන් බෝවන මෙම වෛරසය නිසා ළමුන්ගේ මොළය හැකිළෙන රෝගයක් බවටයි වාර්තා වන්නේ.
වෛරසය බොහෝ දුරට මදුරුවන් ගෙන් පැතිර ගියද එය ලිංගිකව ද සම්ප්‍රේෂණය විය හැකි බවයි BBC පුවත් සේවය වාර්තා කරනවා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |