ඔමික්‍රෝන් ගැන භයානක වාර්ථාවක් එළියට..? හෙළි වූ භයානක දේ මෙන්න..

INDIA COVID19 SOUTH AFRICA OMICRON DELT
By Sewvandhi Dec 03, 2021 02:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට සොයා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය නැවත ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා හෝ බීටා ප්‍රභේදවලට සාපේක්ෂ ව තුන් ගුණයක් ඉහළ බව අනාවරණ වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් පිරිසක් මේ බව ප්‍රකාශ කළේ, එරට කොරෝනා වෛරස් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙය, ඔමික්‍රොන් ප්‍රභේදය, කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු ලබන ප්‍රතිශක්තිය මඟ හරින බවට ලද පළමු වසංගත රෝග විද්‍යා සාක්ෂිය ලෙස සැලකෙනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තයෙන් ඔමික්‍රොන් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හඳුනාගත් බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය වන කැතී හොචුල් ප්‍රකාශ කළා. ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ලොව පුරා රටවල් 24කට ව්‍යාප්ත වී තිබෙනවා.

මේ අතර,ඉන්දියාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස ආසාදිතයින් දෙදෙනකු වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙහි පුද්ගලයින් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු 66 හැවිරිදි වියෙහි පසුවන අතර, අනෙකා 46 හැවිරිදි වියෙහි පසුවන්නකු වන අතර, මේ වනවිට ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් සොයා එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 49% ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, මෙලෙස ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින් එරටින් සොයා ගනු ලැබුවේ පළමු වතාවටයි.

මේ වනවිට රටවල් 29ක ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 373ක්. එමෙන්ම ඔමික්‍රොන් වෛරසය පැතිරී ඇති ලොව 30 වන රට ඉන්දියාව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේ COVID-19ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, මෙම රෝගයට ගොදුරු විය හැකි පුද්ගලයින් ද ප්‍රජා සම්ප්‍රේෂණය සහිත ප්‍රදේශවලට යාම කල් දැමිය යුතු බවයි. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW