වනිඳු හසරංග යළි වාර්තා පොත් අලුත් කරයි..නවතම වාර්තාව මෙන්න.

Report

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පෙරේදා (22 වැනිදා) විස්සයි විස්ස ආකෘතියේ කඩුලු 300 සීමාවට ළඟා වීමට සමත් වී තිබෙනවා.

ඒ අයි.එල්. ටී 20 තරගාවලියේදී සාජා වොරියර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක් දවා ගනිමින් වීම විශේෂත්වයක්.

අලුත් වී වලින් කොටන සහලුත් 300ට නගී..ඉදිරියේදී සිදුවන දේ ගැන දැනුම්දීමක්.

අලුත් වී වලින් කොටන සහලුත් 300ට නගී..ඉදිරියේදී සිදුවන දේ ගැන දැනුම්දීමක්.


තරගාවලියේ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන වනිඳු පෙරේදා පැවැති තරගයේදී ලකුණු 10කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්වී තිබේ.

ඒ සමගින් වනිඳු මේ වන විට විස්සයි විස්ස තරග 208කදී කඩුලු 300ක් දවා ගැනීමට සමත්ව ඇති අතර ඔහුගේ පන්දු යැවීමේදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 16.60ක්.

වනිඳු විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර ඔහුට ඉදිරියෙන් පසු වන්නේ කඩුලු 390ක් දවාගත් ලසිත් මාලිංග පමණක් බවයි පැවසෙන්නේ.

වනිඳු විස්සයි විස්ස කඩුලු 300 සීමාවට පැමිණි 33වැනි ක්‍රීඩකයා වීමද විශේෂත්වයක්.

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)


එම ලැයිස්තුවේ පළමු ස්ථානය කඩුලු 631ක් දවා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝට හිමිව තිබ.

වනිඳු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේදී කඩුලු 131ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභී ශ්‍රී ලාංකිකයා ලෙස පසු වන අතර ඔහු සමස්ත ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ පසු වනවා.

You May Like This Video