අලුත් වී වලින් කොටන සහලුත් 300ට නගී..ඉදිරියේදී සිදුවන දේ ගැන දැනුම්දීමක්.

Sri Lanka Fried rice AKD Wasantha Samarasinghe
By Aruna Jan 24, 2025 01:28 AM GMT
Aruna

Aruna

Report

මෙවර මහ කන්නයේදී වී කිලෝ ග්‍රෑමයක ගැනුම් මිල රුපියල් 140 - 170ත් දක්වා ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 300 ඉක්මවා යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පවසනවා.

මේ අතර තෙත වී කිලෝ ග්‍රෑමයක මිල මේ දිනවල රුපියල් 115 - 120ත් දක්වා ඉහළ ගොස් ඇති බව ද වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත්, තෙත නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 95 බැගින්ද, වියළි නාඩු වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 115 බැගින්ද මිලදී ගැනීමට අදාළව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය (ඔඩපණ ණය) නිකුත් කරන ලෙස දැනුම්දී තිබෙන බව, රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)

අද ප්‍රේම සබඳාතා වැඩි දියුණු වන දිනයක්..හැබැයි මේ ලග්න වල අය පුළුවන් තරම් පරිස්සම් වන්න.(VIDEO)


මේ අනුව සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 120 බැගින්ද, කීරි සම්බා වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 බැගින්ද මිලදී ගැනීමට මෙලෙස ණය නිකුත් කෙරෙන බවද රජයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර රජය විසින් දිගින් දිගටම වී සඳහා සහතික මිලක් නියම කිරීම ප්‍රමාද කරමින් සිටින බවට ගොවීහු චෝදනා කරයි.

පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගනිමින් සිටින නිසා තුට්ටු දෙකට වී මිලදී ගැනීමට බලා සිටින රජයට ගොවීන් වී අලෙවි නොකරන බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද සමරවික්‍රම මහතා ප්‍රකාශ කළා.

‘‘මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී තොග පෞද්ගලික අංශයෙන් කිලෝව රුපියල් 170ට අරන් අනිත් පැත්තට ඒ වී ටික වේලලා හාල් කිලෝව රුපියල් 290ත් 300ත් අතර මුදලකට විකුණනවා.

ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ? මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ.

දැන් රටේ වී අස්වනු නෙළමින් ඉන්නේ’’ යැයිද වලව ගොවි සංවිධානයේ සභාපතිවරයා කියා සිටියේය. මේ අතර, වී තොග නොමැතිවීම හේතුවෙන් දිවයිනේ කුඩා පරිමාණ වී මෝල් රැසක් වැසී ගොස් ඇත.

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්.. ප්‍රදේශ රැසක් ගැනත් දැනුම්දීමක්..

අද සිට රට පුරා කාලගුණයේ වෙනසක්.. ප්‍රදේශ රැසක් ගැනත් දැනුම්දීමක්..


ඔවුන් කියා සිටියේ ගොවීන් බොහෝදෙනකු වී මිල ගණන් ඉහළ දමා ඇති බැවින් එම මිලට වී මිලදී ගෙන, සහල් නිෂ්පාදනය කර රජයේ පාලන මිලට අලෙවි කිරීමට නොහැකි බවයි.

තවද මේ දිනවල වෙළෙඳසල් බොහොමයක සහල් අලෙවි කිරීමට නොමැති අතර, දේශීය බාස්මතී සහල් පමණක් අලෙවි කිරීමට තිබේ. එම සහල් කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 250 - 270ත් අතර මිලකටය.

You May Like This Video



ReeCha