සුපිරි ක්‍රීඩක වනිදු ගැන අනතුරු ඇගවීමක්

Report

එළඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී වනිඳු හසරංග හට කැපී පෙනෙන යමක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් සඳහන් කරනවා.

මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින මුත්තයියා මුරලිදරන් එහිදී පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු පිළිබඳ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් මෙලෙස පවසා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔස්ට්‍රෙලියානු තණතීරු තුළ පා දඟ පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක් ඇති බවයි. එබැවින් ලොව සෑම පිතිකරුවකු ම වනිඳු හසරංග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බවත් ඔහු කියා සිටියා.

නිමා වූ ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලිය තුළ දී වනිඳුගේ දස්කම් ඒ ආකාරයෙන්ම ඔස්ට්‍රෙලියානු තරගාවලිය තුළ දී ක්‍රියාත්මක වුවහොත් එය අනෙකුත් කණ්ඩායම්වලට ද බරපතළ අභියෝගයක් වනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now