වනවාසල කළඹමින් සිදුවුන දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ අයට වන්දි ලැබෙන හැටි මෙන්න
වනවාසල ප්‍රදේශයේදී ඊයේ දින දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සදහන් කර තිබේ .
ප්‍රවාහන අමාත්‍යංශයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමා මේ පිළිබද ප්‍රකාශ කර තිබේ .
තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයෙකු ඊයේ (16) දිනම ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.
තවත් දෙනෙකු අද දින රෝහලෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එම පිරිස අතර කාන්තාවක් ද සිටින බව ඔහු ප්‍රකාශ කරයි
මේ පිළිබද අදහස් දක්වමින් වන්දි ලැබෙන ආකාරය ගැනත් එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
"මේ තුන්දෙනාගෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඉන්නවා. ඒකෙන් එක් අයෙක්, පිලී පැනපු දුම්රිය සහ ඒ අසළ තිබූ මෝටර් රථයක් අතරට වැටිලා තමයි අනතුරට ලක්වෙලා තියෙන්නේ. එයාගේ අතක සන්ධිවලට යම් ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. කාන්තාවගේ බෙල්ල හරවන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දුම්රියේ හිටිය මගීන් ඉක්මනින් එළියට යන්න හද්දී ඇති වුණ තෙරපීමක් මේකට හේතුවක් වෙන්න ඇති කියලයි මං හිතන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි අවස්ථාවක මගීන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ළඟ තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත කළ වන්දි ක්‍රමවේදයක්. පෙර තිබුණ ක්‍රමය අනුව මියයාමේදී හෝ සදාකාලික අකර්මණ්‍යවීමකදී එක්ලක්ෂ පන්ස්දහසක් තමයි ගෙවන්න තිබ්බේ. ඒක දැන් ලක්ෂ 10ක් දක්වා වැඩිවෙලා තියෙනවා.
ඒ වගේම රෝහල්ගත වෙලා ඉන්න දවසකට සතියක් යනකම් රුපියල් 2000 බැගින් සහ එතැනින් එහාට රුපියල් 50,000ක වගේ ගෙවීමක් කරන්න අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේ දෙක අතර වන්දි ගෙවීමේ ක්‍රමයක් තියෙනවා. අපි මේ වෙද්දී රෝහල් ගත වුණ අය නිවාසවලට ගියාම එයාලාගේ රෝග විනිශ්ච කාඩ් පත බලලා වන්දි ගෙවන්න කටයුතු කරනවා. අද හවස් වෙද්දී එම ස්ථානයේ සියලු කටයුතු සම්පූර්ණ කරලා හෙටින් ආරම්භ වන අලුත් සතියේදී සාමාන්‍ය ආකාරයට දුම්රිය ධාවනය කරන්න මේ වෙද්දී සැලැසුම් කරලා තියෙනවා."