මිලියන 656ක් වැරදීමකින් බෙදූ මහජන බැංකුව - සල්ලි ආපසු ගන්නා මෙහෙයුම මෙන්න
මහජන බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු සඳහා භාවිතා කරන ප්‍රේෂණ පද්ධතියක සිදුවූ දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් කිහිප දෙනෙකුට අධික මුදල් ප්‍රමාණයක් ගෙවී ඇති බව අනාවරණය කර තිබේ.
බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව, 2023 මැයි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ එක් මුදල් ඒකකයක විනිමය අනුපාතික පරිවර්තනයේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් මෙම තත්ත්වයට හේතුවී ඇත.
ඒ අනුව සිදුව ඇති ඇස්තමේන්තුගත මූල්‍ය බලපෑම රුපියල් මිලියන 656ක් වන අතර, අදාළ ගනුදෙනුකරුවන්ගෙන් එම අතිරේක මුදල් නැවත අයකරගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති බවද බැංකුව සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය මේ වනවිට සාර්ථකව සිදුවෙමින් පවතින බවද මහජන බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් මහජන බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.