ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය අවසන් වෙන්න ළඟයි, ඉක්මනටම නාමලේඛන සහතික කරනවා - සමන්
ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු මේ වන විට එහි අවසන් අදියරේ පවතින බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින හිමිකම් සහ විරෝධතා දිස්ත්‍රික් මට්ටමින් ඉදිරිපත් කළ අයට ඊට අදාළ පරීක්ෂණ කටයුතු එම දිස්ත්‍රික්ක භාර සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මඟින් මේ දිනවල සිදුකරමින් සිටින බවයි.
එනිසා අඳාළ කටයුතු අවසන් වූ වහාම මෙම 2025 වසරට අදාළ ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට කටයුතු කරන බවද සමන් ශ්‍රී මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම නාමලේඛන ප්‍රතිශෝධනය අවසන් කිරීම ඉදිරි මැතිවරණ සැලසුම් වෙනුවෙන් ද ඉතා වැදගත් පියවරක් බව මැතිවරණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබෙනවා.