හදිසියේම ඉන්දියානු ක්‍රිකට් නායක කෝලිට සිදු වූ දේ..
cricket
Sri lanka
By Sithumi
පන්දුවාර විස්සයි විස්ස වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට නවසීලන්ත ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් සමත්ව තිබේ.
ඒ මේ දක්වා එම ස්ථානයේ රැඳී සිටි ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි පසු කර යමින් ය. ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයේ දී ලකුණු 31 ක් රැස්කළ ගප්ටිල් මේ වන විට විස්සයි විස්ස තරඟ 111 කදී රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 3248 ක් වේ.
විරාත් කෝලි තරඟ 95 කට සහභාගී වෙමින් ලකුණු 3227 ක් ලබාගෙන තිබේ. විස්සයි විස්ස වැඩිම ලකුණුලාභීන් අතර තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඉන්දීය ක්‍රීඩක රෝහිත් ශර්මා ය.
කෙසේවෙතත් ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියෙන් විරාත් කෝලි විවේක ගන්වා තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
