මහ රෑ මහරගමින් වීල් එකට නැග්ග සුප්‍රකට නිළිය
"මහත්තයෝ... මගේ ගම බදුල්ල. කොළඹ ඇවිත් දැන් අවුරුදු 17ක් විතර වෙනවා. මට පොඩි දුවෙක් ඉන්නවා. නෝනා රස්සාවක් කරන්නෙ නෑ. මම යවන රුපියල්වලින් තමයි ජීවත් වෙන්නෙ. මේ කොළඹ කියන්නෙ ගමක් නෙවෙයි මහත්තයෝ. හුඟක් වෙනස්. ලොකු අමුතුකමක් තියෙනවා. අමුතු මිනිස්සු, ගෑනු, පිරිමි, මහ රෑ දොළහටත් මහ පාරේ යනවා. ඒක ගැන හිතනකොටත් හිතාගන්න බෑ."
මේ සිද්ධිය වුණේ මම වැල්ලවත්තේ ඉන්නකොට. එදා මම හයර් එකකින් ගිහින් ඇවිත් වාහනේ නැවැත්තුවා. හයර් එකක් තිබුණෙම නෑ. ඊට පස්සෙ මම යන්න හදනකොට දැක්කා ලස්සන කෙල්ලෙක් මගේ පැත්තට එනවා. ඒ කෙල්ල මගේ දුවගෙ වයසෙ වගේ ඇති. බලනකොටම ලස්සනයි. ඇස්වලට පුරුදු ගතියකුත් තේරුණා. එයා කිවුවා එයාට මහරගම යන්න ඕනෙ කියලා.
ගමන් යන ගමන් එයා යාළුවෙක් ගැනත් කතාවක් කිවුවා. ඔහොම යනකොට, මහත්තයෝ, මේ කෙල්ල බෑග් එකෙන් සිගරට් පෙට්ටියක් ගත්තා. මගෙන් එකක් ඕනද කියලත් ඇහුවා. මම "නෑ" කිවුවා. ඔහොම යන ගමන් එයාගෙ යාළුවත් ගොඩ වුණා. ඒ තරුණ කොල්ලෙක්. ඊට පස්සෙ වුණ දේවල් කට ඇරලා කියන්න බෑ මහත්තයෝ. මේ දෙන්නා රූම් එකක ඉන්නවා වගේ හැසිරුණා. බියර් බිබී, තව මොනවා හරි පෙති වගයකුත් ගත්තා.
අර කෙල්ලට එකපාරට හෙන විසේ. ටිකෙන් ටික මත් ගතිය වැඩි වෙලා, එයා මගෙන් ඇහුවා, "අංකල්, මාව දන්නවද? මම ටෙලි ග්‍රාමා එකේ ඉන්නෙ. දැකලා නැද්ද?" කියලා. දෙයියනේ, මම හිරිවැටිලා ගියා. ඒ ටෙලි නාට්‍ය ගැන මම අහලා තිබුණා. කොහොමත් එයාව දැකලා පුරුදු ගතියක් තේරුණානෙ.
පස්සෙ එයා කිවුවා, "අංකලුත් කැමති නම් කියන්න. හැබැයි ගාණ සැරයි" කියලා. එතකොට තමයි මට තේරුණේ එයා සල්ලිවලට යන බව. මම නිකමට වගේ ගාණ ඇහුවම, එයා කිවුවා රුපියල් 50,000යි කියලා. මට හිතුණා, මොන ජීවිතද මේ කියලා, මහත්තයෝ.
එයා යාළුවත් එක්ක මහරගම ටවුන් එකෙන් බැස්සා. මට හොඳ ටිප් එකකුත් දීලා ගියා. මම එයාට කිවුවා, "පරිස්සමින් යන්න, දුව. බුදු සරණයි" කියලා. මොකද, එතකොට මට මගේ දුව මතක් වුණා. එතකොට අර කෙල්ල හෙන ආදරෙන් මගේ කම්මුල මිරිකලා, "යූ ආර් සෝ ස්වීට්" කිවුවා. ඇත්තටම, මහත්තයෝ, අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දි හරි අමුතුයි. මේ ජීවිත ගැන හිතනකොට පුදුමයි.
