ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල ඉහළට

Report

ඖෂධ හා ශල්‍ය උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවලට පත්ව සිටින බැවින් මිල නියාමනයක් සිදු කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරන්නේ, ඖෂධ කාණ්ඩ 60කට අයත් ඖෂධ වර්ග 750කට මිල නියාමනයක් ඇතත්, ශල්‍ය උපකරණවල මිල නියාමනයක් සිදු නොවන බවයි.

ආසන්න වශයෙන් ඖෂධ කාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයකට අයත්, විවිධ වෙළෙඳ නාම යටතේ අලෙවි වන ඖෂධ වර්ග 6500කට වැඩි ප්‍රමාණයකට මිල නියාමනයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

මිල පාලනයක් නොමැති ඖෂධවල මිල ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති හෙයින්, පෞද්ගලික ඔසුසල්වලින් ඖෂධ මිලදී ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

වර්තමානයේ දිවයින පුරා පෞද්ගලික ඔසුසල්වල සැලකිය යුතු ඖෂධ හිඟයක් පවතින බැවින්, පිළිකා රෝගීන් ඇතුළු දිගුකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට ඖෂධ ගෙන්වීම සඳහා විදේශ රටවලින් පුද්ගලික සහාය ලබා ගැනීමට සිදුව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔන්න දැන් ගුරුවරු ඉගෙනගන්න ලෑස්තිවෙන්න - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගුරුවරුන්ට පුහුණු කරයි

ඔන්න දැන් ගුරුවරු ඉගෙනගන්න ලෑස්තිවෙන්න - නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගුරුවරුන්ට පුහුණු කරයි

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්