''මගේ ස්ත්‍රී ලිංගය බ්ලෙඩයකින් කැපුවා...'' ඇඟ හිරිවට්ටපු රූ රැජිණ... කටුක ජීවිතය හෙළි කරයි
ලෝක රූ රැජිණ තරගය අතරතුර ලෝකයම හැඬවූ සෝමාලියානු රූ රැජිණ "මට වයස අවුරුදු හතේ දී යහළුවන් සමඟ එළිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා. ගැහැණුන් පිරිසක් බ්ලේඩ්, කතුරු, පරණ ආයුධ අතැතිව මා එනතුරු බලාගෙන සිටියා.
එම කාන්තාවන් වෛද්‍යවරු හෝ එවැනි පුහුණුවක් ලද අය නෙවෙයි. සම්ප්රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රීය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා. මට මතකයි මම වේදනාවෙන් කෑ ගැසුවා.
මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදු වුණේ නැහැ. කිසිම පහසුවක් දැනුණේ නෑ. ලේ සහ ඝෝෂාකාරී නිහඬතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයැද සිටියා. නමුත් ඒ ගැහැනු අය මට කිව්වේ, නිහඬ වෙන්න, නිර්භීතවෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි.
කැපීම අවසන් වීමෙන් පසු ඝන නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා.මුත්‍රා සහ රුධිරය පමණක් පිට වීමට කුඩා සිදුරක් පමණක් ඉතිරිවන සේ. මෙම ක්‍රියාවලිය ඉන්ෆියුපිලේෂන් (ලිංගික අවයව ඡේදනය) ලෙස හැඳින්වෙන අතර ලිංගේන්ද්‍රියට දිය හැකි වඩාත් දරුණුම වධ හිංසාවලින් එකකි.
මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා." මේ ඉන්දියාවේ තෙලන්ගානා හි මේ දිනවල පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින හෙඩ්-ටු-හෙඩ් අභියෝගතා වටය අතරතුර සෝමාලියානු මිස් වර්ල්ඩ් වුණු සෙනීබ් ජමා ඇගේ ළමා විය පිළිබඳව සිදු කළ කම්පන සහගත හෙළිදරව්වයි.
එය ඇගේ මව්බිමේ දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් වූ ස්ත්රීන්ගේ ලිංගික අවයව ඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වය පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු කරවීමක් වුණා.
වෛද්‍ය නොවන ක්‍රියා පටිපාටියක් ඔස්සේ ලිංගික අවයව ඡේදනය කිරීම හේතුවෙන් ඇයට ජීවිත කාලය පුරාවට අත් විඳීමට සිදු වූ ශාරිරික සහ චිත්තවේගීය කම්පනය පිළිබඳ ලෝක රූ රැජිණ තරගය ජ්‍යාත්‍යන්තර වේදිකාවක් තුළ අනාවරණය කිරීමට ඇය ගත් තීරණයම නිර්භීත එකකි.
සිය සමාජයේ දැරියන් අත් විඳින කටුක සහ දරුණු ගණයේ අපරාධය පිළිබඳ නැවත වටයකින් ඇස් ඇරවීමට ඇය එහි දී සමත් වුණා.
ලෝක රූ රැජිණ තරගයේ හෙඩ් ටු හෙඩ් වටය යනු තරගකාරියන්ට තම Beauty with a Purpose ව්‍යාපෘති හෙවත් සමාජයේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට දරන උත්සාහයන් අනාවරණය කිරීමට ලැබෙන අවස්ථාවයි. "සෝමාලියාවේ කාන්තාවන්ගෙන් 98% ක් අවයව ඡේදනයට ලක් වෙනවා.
98% කියන්නේ විශාල අංකයක්. ඉතිරි 2% තවමත් අවයව ඡේදනය කිරීමේ වයසට ළඟා නොවූ කුඩා ළදැරියන්ය. එහි අර්ථය මගේ රටේ සියලුම කාන්තාවන් මෙම ක්‍රියාපටිපාටියට ලක් වන බවයි.." ඇය ඇගේ කතාවේ අවසානය සනිටුහන් කළේ සියලු දෙනා කම්පනයට ලක් කරමිනි.
සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යයක් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතුය.
ඇය ඇගේ සුන්දරත්වය ලෝකයට හෙළි කරන අතරතුර ඇගේ ව්‍යාපෘතිය ලෙස එළිදැක්වූයේ සෝමාලියාවේ ගමෙන් ගමට ගෙදරින් ගෙදරට ගොස් සියලු මව්වරුන් දැනුම්වත් කිරීමයි. සංස්කෘතියට සම්ප්‍රදායට ගරු කිරීමට ලිංගික අවයව කපා දැමීමෙන් හැකියාවක් නැහැ.
ඔබේ සිඟිති දියණියට වධ හිංසා පැමිණවීමෙන් තොරවත් සංස්කෘතියට සදාචාරයට ගරු කළ හැකිය යන පණිවිඩය හැකිතාක් බෙදා ගැනීම ඇයගේ සුන්දරත්වයේ අරමුණ බව ඇය පෙන්වා දුන්නා. ඉතින් ඇය 2025 ලෝක රූ රැජිණ කිරුළ දිනාගත්ත ද නැති වුවද ඇය රැජිණක් බව ලස්සනට ඔප්පු කර හමාරය.
