සංචරණ සීමා උල්ලංඝනය කරමින් ධාවනය වූ බස් රථය
colombo
gampaha
travel restriction
erawur
miri vaththa
By Sewvandhi
සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් සිට කොළඹට දක්වා ධාවනය වූ බස් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
ගම්පහ - මිරිස්වත්ත මංසන්ධියේදී මෙම බස් රථය සහ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ගම්පහ පොලිසිය විසින් අද (29) අලුයම් කාලයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |