රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසිද්ධ කරපු රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී පවසනවා.
විටින් විට කීප අවස්ථාවකදීම ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු ඉදිරියට කළ යුතු දේ සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශයන් සිදුකර තිබුණි. ඒ අනුව එම විවිධ ප්‍රකාශයන් නිසා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරුද්ධව විනය පරීක්ෂණයක් කිරීමට තීරණය කර තිබේ.