විජිත හේරත් සහ නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක් - හේතුව මෙන්න

Report

අද(27) දින පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය, ගරු වින්ස්ටන් පීටර්ස් මහතා අතර හමුවක් සිදුව ඇත.

එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නවසීලන්තයේ නිල සංචාරය සඳහා ආරාධනා කිරීම වෙනුවෙන් සහ ඔහු ඇතුළු දූත පිරිස සඳහා දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කිරීම පිළිබඳව අමාත්‍යවරයා වෙත ස්තූතිය පිරිනමා තිබෙනවා.

ඉතිහාසයේ කිසිම විදේශ අමාත්‍යවරයෙකු නොලැබූ ගෞරවයක් අමාත්‍ය විජිත හේරත්ට

ඉතිහාසයේ කිසිම විදේශ අමාත්‍යවරයෙකු නොලැබූ ගෞරවයක් අමාත්‍ය විජිත හේරත්ට

එසේම මෙම හමුවේදී දේශපාලන, වෙළඳ, ක්‍රීඩා, රාජ්‍ය පාලනය සහ නවසීලන්තයේ වෙසෙන ක්‍රියාශීලී ශ්‍රී ලාංකික ප්‍රජාව වැනි විවිධ ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ඉතා ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇත.

එමෙන්ම වත්මන් ගෝලීය හා කලාපීය ප්‍රවණතා සහ ඒවායින් එල්ල වන බලපෑම් පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන තිබෙන බව සඳහන්.

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

මේ නිලධාරිනියන්ට සුබ ආරංචියක් - ජනවාරියේ වැටුප් වැඩිවීමක්

GalleryGalleryGallery