අන්තිම සටනේ මුල්ලිවයික්කාල් ප්‍රහාරය තලපති විජේගේ අවදානයට? මහ ඇමති ජෝසප් විජේ වෙත ලිපියක්

Report

දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් ශ්‍රී ලංකාවේ යුද්ධය නිමා වූ මැයි 18 වැනිදා ‘මුල්ලිවයික්කාල් ජනසංහාර අනුස්මරණ දිනය’ ලෙස නම් කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ නිල යෝජනාවක් සම්මත කරන ලෙස තමිල්නාඩුවේ මහ ඇමති ලෙස පත්වූ ජෝසප් විජේගෙන් ඉල්ලා ඇත.

ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ මහ ඇමති ජෝසප් විජේ වෙත ලිපියක් යොමු කරමිනුයි.

එසේම ප්‍රාන්ත සභාවේ පළමු සැසිවාරයේදීම මෙම යෝජනාව ගෙන එන ලෙස ඔහු ඉල්ලා ඇත. ඔහු මෙම ලිපිය ඔහු යොමු කර තිබෙන්නේ ජෝසප් විජේ මහ ඇමති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි.

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එනපොටනම් හොද නෑ - තලපති විජේගෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ගැන ලිපියක් - රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක්

එසේම ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සභාව ශ්‍රී ලංකාවේ සිදුවීම් ‘ජනසංහාරයක්’ ලෙස හඳුන්වමින් යෝජනාවක් සම්මත කළ බවයි. කෙසේ නමුත්, ශ්‍රී ලංකා රජය මෙම ‘ජනසංහාර’ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමිල්නාඩු මහ ඇමති කාර්යාලය මෙන්ම තමිල්නාඩු රජය ද මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.