රජයෙන් වෙසක් පෝය දිනය වෙනස් කරයි

Report

මෙම වසරේ වෙසක් පෝය දිනය සංශෝධනය කර ඇති අතර ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරාම තුනෙහි ප්‍රධාන ස්වාමීන් වහන්සේලා 2026 දී වෙසක් පෝය දිනය වෙනස් කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවා තිබුණි.

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?

ආන්දෝලනාත්මක සමලිංගික වෙබ් අඩවිය BLOCK කරාද?

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති දින දර්ශනයේ මැයි 1 වන දින වෙසක් පෝය දිනය ලෙසත් මැයි 30 වන දින ‘පොසොන් ’ පෝය දිනය ලෙසත් සඳහන් කර ඇති බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

නමුත් එය වෙනස් කොට මැයි 30 වන දින වෙසක් පෝය දිනය ලෙස සැමරිය යුතු බවට මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය කර ඇති බව ද සඳහන් විය. ඊට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත.

හෙට කාලගුණය දරුණුයි - ජනතාව ප්‍රවේශමෙන්

හෙට කාලගුණය දරුණුයි - ජනතාව ප්‍රවේශමෙන්