ලෝකයම ගිලගන්න භයානක වසංගතයක් ගැන අනතරු ඇඟවීමක්...සියලු දෙනාම සූදානම වන්න.

Sri Lanka Corona alert New Covid viruses
By Aruna Dec 07, 2021 12:56 AM GMT
Aruna

Aruna

Report

ඉදිරි අනාගතයේදී ඇතිවන වසංගත තත්ත්වයන් වත්මන් කොවිඩ් -19 වසංගතයට වඩා මාරාන්තික විය හැකි බැවින් ඊට සමස්ත ලෝකයාම සුදානම් විය යුතු බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය සමග උගත් පාඩම් නිකරුණේ නාස්ති වී යාමට ඉඩ නොතැබිය යුතු බවට සමස්ත ලෝකයම සහතික විය යුතු බවද සඳහන් කර සිටියා.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කොවිඩ් -19 වෛරසයෙන් ලොව පුරා මිලියන 5.26 ක ජනතාවක් මියගොස් ඇති අතර, ඩොලර් ට්‍රිලියන ගණනක මුදලක් ආර්ථිකයෙන් අතුගා දැමීමට සමත් ව ඇත.

මේ සියල්ලටම අමතරව ලොවපුරා බිලියන ගණනක ජනතාවගේ ජිවිත ඉතා කෙටි කලක් තුලදී වෙනස් කරලීමට මෙම වසංගත තත්ත්වය හේතුවිය.

" ඇත්ත නම් ඉදිරියේදී පැමිණෙන වෛරසය දැනට වඩා බරපතල විය හැකියි.

එය වඩා ඉක්මනින් බෝවෙන හෝ වඩා මාරාන්තික විය හැකියි.

ඇතැම් විට මෙම තත්ත්වයන් දෙකම තිබෙන්න පුළුවන්. රිචඩ් ඩිම්බල්බි දේශනයට එක්වෙමින් Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරයෙකු වන සාරා ගිල්බට් ප්‍රකාශ කර සිටියා.

“වෛරසයක් අපගේ ජීවිතවලට සහ අපගේ ජීවනෝපායට තර්ජනයක් වන අවසාන අවස්ථාව මෙය නොවනු ඇත.” ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත් විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගිල්බට් පැවසුවේ මීළඟ වෛරසය සඳහා වඩා හොඳින් සූදානම් වී ඇති බවට ලෝකය සහතික විය යුතු බවයි.

"අපි ලබා ඇති දියුණුව සහ අප ලබාගත් දැනුම නැති කර නොගත යුතුයි" ඇය පැවසුවා. ඔමික්‍රොන් ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනයේ වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ත්‍රිව කර ඇති බවයි එම දේශනයේදී ඇය සඳහන් කර සිටියේ.

මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් සම්බන්ධයෙන් සඳහා පෙර සූදානම සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 10 ක ඇස්තමේන්තු ගත මුදලක් වෙන් කිරීමට යෝජනා වී ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now