මෙරට පාසලක අවි ගබඩාවක්

Sri Lanka Police Matara Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sewvandhi Sep 18, 2023 02:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය විසින්,  පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සොයාගෙන ඇත්තේ, මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලකිනි.

එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවයි වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට සමත්ව ඇත.

එසේම වැඩිදුර සෝදිසි කිරීමේදී එහි තිබී TNT බවට සැකකෙරෙන පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සමග සේවා නූල් කිහිපයක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

ප්‍රදේශ දෙකකට කහ අනතුරු ඇඟවීම් නිවේදන - ඉදිරි පැය 36 සදහා කාලගුණයෙනුත් විශේෂ නිවේදනයක්..!

ප්‍රදේශ දෙකකට කහ අනතුරු ඇඟවීම් නිවේදන - ඉදිරි පැය 36 සදහා කාලගුණයෙනුත් විශේෂ නිවේදනයක්..!

ReeCha