ලෝකෙම කම්පා කරමින් වෙනිසියුලාව සොහොන් පිටියක් වෙයි - දැවැන්ත භූමිකම්පාවලින් 235 මරුට 4300ට තුවාල

Report

වෙනිසියුලාවේ අඛණ්ඩව සිදු වූ ප්‍රධාන භූමිකම්පා දෙකෙන් පසු කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් යට සිරවී සිටින අය සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විටත් යුහුසුළු වෙමින් කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ අවම වශයෙන් පුද්ගලයින් 235 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

එසේම තවත් 4,300 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, බොහෝ ජීවිත හානි වාර්තා වී ඇත්තේ ලා ගුයිරා හි උතුරු වෙරළබඩ කලාපයේ බවත් සඳහන්.

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි

වෙනිසියුලාවේ බදාදා රාත්‍රියේ සිදුවූ රික්ටර් මාපක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පනවලින් අනතුරුව පසු කම්පන 138ක් වාර්තා වී ඇත. එසේම ඇති වූ දෙවන භූමිකම්පාව සියවසකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවේ ඇති වූ බලවත්ම භූමිකම්පාව ලෙස සඳහන්.

මේ අතර කැරකස් අගනුවර පිහිටි සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවීම නිසා එය වසා දමා ඇති බව සඳහන් කරමින් එරට වැඩබලන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එමෙන්ම වරාය නගරයක් වන ලා ගුයිරා, අගනුවර වන කැරකස් සහ අවට ප්‍රදේශවල ඔවුන්ගේ නිවාස බිමට සමතලා වීමෙන් පසු බොහෝ පදිංචිකරුවන්ට යාමට තැනක් නොමැතිව සිටියි. 

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පාසල් ක්ෂේත්‍රයම අනතුරේ - පොලීසිය මැදිහත්ව පාසල් සිසුන්ට දැනුවත් කිරීමක්

පාසල් ක්ෂේත්‍රයම අනතුරේ - පොලීසිය මැදිහත්ව පාසල් සිසුන්ට දැනුවත් කිරීමක්