අපේ ඡන්ද ජර මර අස්සේ, විපක්ෂ නායකවරයෙක් දේශපාලන සරණාගතභාවය පතා ස්පාඤ්ඤය ට
වෙනිසියුලාවේ විපක්ෂ නායක එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රට අත්හැර ගොස් තිබේ. ඔහු දේශපාලන සරණාගතභාවය පතා ස්පාඤ්ඤයට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙනිසියුලාවේ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රටින් පිටවීම සඳහා විපක්ෂ නායකවරයාට අවශ්‍ය සියලුම කටයුතු සම්පාදනය කිරීමට රජය පියවර ගත් බවයි.
ජූලි මස පැවති වෙනිසියුලා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අසත්‍ය බවට සහ මැතිවරණය තමන් ජයගත් බවට එඩ්මුන්ඩෝ ගොන්සාල්වේස් රජයට චෝදනා කළේය.
කෙසේ වුවද රජයේ පාලනය යටතේ පවතින ජාතික මැතිවරණ කවුන්සිලය නිවේදනය කළේ නිකලස් මදුරෝ ජනාධිපතිවරණය ජයගත් බවය. ඒ අනුව ගොන්සාල්වේස් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කළේ ඔහු රජයට එල්ල කළ චෝදනා සැලකිල්ලට ගනිමිනි.
වාර්තා වන්නේ, සැඟව සිටි ගොන්සාල්වේස් වෙනිසියුලාවේ පිහිටි ස්පාඤ්ඤ තානාපති කාර්යාලය හරහා සරණාගතභාවය වෙනුවෙන් ඉල්ලීම් කර ඇති බවයි.නිකලස් මදුරෝට ජය කැඳවූ ජූලි ජනාධිපතිවරණයෙන් පසුව වෙනිසියුලාවේ දේශපාලනික අර්බුදයක් උද්ගතව ඇත.
ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා එල්ලවූ අතර අමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු ලතින් අමෙරිකානු රටවල් රැසක් ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, බ්‍රසීලය, කොලොම්බියාව සහ මෙක්සිකෝව යන රටවල් සමග වෙනිසියුලාවේ පවතින සබඳතාව බිඳ වැටී ඇතැයි සඳහන් වේ.