පිට පිට ඇති වුණු ප්‍රබල භූමිකම්පා නිසා වෙනිසියුලාව කැළඹෙයි - ගුවන් තොටුපළ වසා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - මරණ ගණන හෙළි නොකරයි
වෙනිසියුලාවේ අගනුවර වන කැරකස් සහ වෙනත් ස්ථානවල ගොඩනැගිලි කඩා වැටෙමින්, අඛණ්ඩව ඇති වූ ප්‍රබල භූමිකම්පා සහ පසු කම්පනවලට පසු අද(25) දින වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ජාතික සභාවේ ප්‍රධානියා වන ඇගේ සහෝදරයා, ජෝර්ජ් සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩයොස්ඩාඩෝ කැබෙලෝ සමඟ රාජ්‍ය රූපවාහිනියේ පෙනී සිටි රොඩ්රිගස් විසින් මියගිය අයගේ පවුල්වලට තම ශෝකය ප්‍රකාශ කර ඇත.
එහෙත් සිදු වූ මරණ සංඛ්‍යාව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබා දී නොමැති බව සඳහන්.
මේ අතර ඇය තවදුරටත් සඳහන් කර ඇත්තේ කැරකස් අසල මයිකේටියා හි සයිමන් බොලිවර් ගුවන්තොටුපළට සිදු වූ හානි හේතුවෙන් වසා දමා ඇති බවයි.
එමෙන්ම භූමිකම්පා සහන සේවා කටයුතු අධීක්ෂණය සඳහා හමුදා ජෙනරාල්වරයෙකු ද පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එසේම අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ඊයේ (24) එරට වේලාවෙන් 22:04ට කරකාස් අගනුවරට බටහිරින් කිලෝමීටර් 284ක් දුරින් පිහිටි සැන් ෆෙලිප් අසල රික්ටර් මාපක 7.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වූ බවයි.
ඉන් සුළු මොහොතකට පසු අගනුවරට බටහිරින් කිලෝමීටර් 293ක් දුරින් පිහිටි යුමාරේ අසල රික්ටර් මාපක 7.5ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් සිදුව තිබුණා.