ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන IMF එකෙන් සතුටුදායක ආරංචියක්..හෙට සිට කරන්න යන දේ මෙන්න.

Ranjith Siyambalapitiya IMF Sri Lanka Electric Vehicle vehicle imports sri lanka
By Aruna Jun 14, 2024 04:26 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ, එම සැලසුම හෙට(15) දිනයෙන් අවසන් වනු ඇති බවයි.

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකගේ දීමනාම වැඩි කරයි.. වැඩි කළ ප්‍රමාණය සහ එම පිරිස මෙන්න..


ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, 2025 දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහන වලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බවයි.

මේ අතර, ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා පසුගියදා සඳහන් කර සිටියා.

කොමසාරිස් ජෙනරල් වරයා කියා සිටියේ, ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි.

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...

එකදිගට දින 16ක් සුරාසැල් වසාදැමීමක් ගැන දැනුම්දීමක්...


මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා වැඩිදුරටත් පැවසුවේ, රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කර ඇති අතර මේ හරහා නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම වීමට උපකාරී වනු ඇති බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%