වාහන සහ ඉඩම් සම්බන්ධයෙන් කරන්න යන අලුත්ම දේ මෙන්න..

Sri Lanka Political Vehicles Lands Government office
By Aruna Jan 17, 2022 02:39 AM GMT
Aruna

Aruna

Report

සියලු ම අමාත්‍යාංශවල සහ රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්, වාහන සහ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑ ම රාජ්‍ය ආයතනයකින්ම අදාළ තොරතුරු අප්‍රේල් මස මුල් සතියට පෙර ලබා ගැනීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

ඇතැම් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතර ව තවත් වාහන ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවට තොරතුරු ලැබී තිබෙනවා.

මෙලෙස තොරතුරු පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇත්තේ, රාජ්‍ය ආයතන සතු ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් විවිධ තොරතුරු ලැබීම හේතුවෙනුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now