මේ වාහන ගැන තියෙන ආසාව ඇතෑර ගන්න - වාහන ආනයනකරුවන්ගෙන් නරක ආරංචියක්
වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ ආනයනික වාහන සඳහා පනවා ඇති අධිභාරය 50%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ මෙරට වාහන අලෙවිය පහත වැටී ඇති බවයි.
ඉකුත් මැයි 15 වැනි දින සිට ක්‍රියාත්මක වූ මෙම බදු සංශෝධනය හේතුවෙන් වාහන මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, එම නව මිල ගණන් දරා ගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්.
එමෙන්ම මෙම නව බදු සංශෝධනයට අනුව, මෙතෙක් රුපියල් ලක්ෂ 70ක පමණ මිලකට අලෙවි වූ ජපන් ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 75 දක්වා රුපියල් ලක්ෂ 5කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එසේම රුපියල් ලක්ෂ 100ක පමණ මිලකට පැවති ටොයෝටා ‘යාරිස්’ රථයක මිල රුපියල් ලක්ෂ 7.5කින් පමණ ඉහළ ගොස් ඇති බව පවසයි.
මේ අතර ජපන් වාහනවලට අමතරව ඉන්දීය වාහන මිල ගණන් ද මේ වන විට ඉහළ යමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත් වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ, අධිභාරය ඉහළ යාම හේතුවෙන් කුඩා වාහනයක් සඳහා පවා රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා අමතර මුදලක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට සිදුව තිබෙන බවයි.
ඒ අනුව පවතින අධික පිරිවැය නිසා නව වාහන ආනයනයට ණයවර ලිපි (LC) විවෘත කිරීමට ද ආනයනකරුවන් මැළිකමක් දක්වන බව සඳහන්. එබැවින් ඉදිරියේදී වෙළඳපොළ තුළ වාහන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද මතුව ඇති බව සඳහන්.
හෙට සිට බස් ගාස්තුවලත් සංශෝධනයක්.. අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් කරන දේ ගැන බස් සංගම්වලින් රතු එළි
මෙම 50%ක අධිභාරය මාස තුනක කාලයක් වෙනුවෙන් බලපැවැත්වෙන පරිදි පනවා ඇති වුවත්, එම කාලය තුළ වාහන මිල පහළ යාමේ කිසිදු ප්‍රවණතාවක් නොමැති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
කෙසේ වෙතත් රජයේ මෙම තීරණය හේතුවෙන් වාහන වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට පත්ව තිබෙන අතර ආනයනකරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මධ්‍යම පාන්තික පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්ව ඇති බවයි.