තවමත් අංක තහඩු නොලැබුණු වාහන හිමියන්ට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීම්ක්

Report

මාස දහතුනක කාලසීමාවකට පසුව මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු හෙට (06) සිට නිල වශයෙන් නැවත ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මෙම තාවකාලික නැවතීම හේතුවෙන් මේ වන විට මුද්‍රණය කිරීම සඳහා වාහන අංක තහඩු ලක්ෂ හතරහමාරක පමණ අතිවිශාල තොගයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ගොඩගැසී පවතින බව ද වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

වසර 22ක් තිස්සේ මෙරට වාහන අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු සිදුකරන ලද පෞද්ගලික සමාගමේ නිල කොන්ත්‍රාත් කාලය පසුගිය වසරේ අප්‍රේල් මස තිස්වැනිදායින් අවසන් වූ අතර, අංක තහඩු මුද්‍රණය සඳහා සුදුසු නව සමාගමක් තෝරා ගැනීම වෙනුවෙන් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

මේ අනුව පසුගිය වසරේ මැයි මස පළමුවැනිදා සිට අංක තහඩු මුද්‍රණය කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවූ අතර, එම කාලසීමාව තුළ අලුතින් ලියාපදිංචි කරන ලද වාහන ඇතුළු සමස්ත වාහන ලක්ෂ හතරහමාරකට අධික ප්‍රමාණයක අංක තහඩු මෙලෙස මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කරමින් අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා නව සමාගමක් තෝරා ගැනීමට අමාත්‍යාංශය පියවර ගත් අතර, එම සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය මාර්තු මාසයේදී ඒ සඳහා වන නිල ගිවිසුමකට ද අත්සන් තැබූහ.

මෙම නව සමාගම විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ නවීන යන්ත්‍ර සූත්‍ර සවිකරමින්, ගොඩගැසී ඇති අංක තහඩු තොගය කඩිනමින් මුද්‍රණය කර අවසන් කිරීමේ කටයුතු මෙලෙස ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ.

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ

ලංකාවට තවත් බද්දක් - අමෙරිකාව එක්ක ගිවිසුම් ගත නොවුණු නිසා වෙන්න යන විනාසේ