මෙරට වාහන සම්බන්ධ රහසක් එළියට එයි..මිල වෙනස් වෙයි?..

Sri Lanka Political Vehicle market 2022 bajate
By Aruna Sep 20, 2021 05:17 AM GMT
Aruna

Aruna

Report

ලබන වර්ෂය සඳහා වූ අය – වැය ඉදිරිපත් කිරීමට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක්.

එ නිසා මේ වන විට අය – වැය යෝජනා ලහි ලහියේ සුදානම් වෙමින් පවතින්නේ.

දේශීය නිෂ්පාදන වලට ප්‍රමුඛතාව එළඹෙන නොවැම්බර අය වැයේ තේමාව වන “නිෂ්පාදිත ආර්ථිකය” ඉලක්ක සපුරා ගැනීම සඳහා මේ වන විට සැලසුම් සැකසෙමින් තිබෙන අතර වාරි මාර්ග , මහා මාර්ග , කෘෂිකර්ම හා පුනර්ජන බලශක්ති අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

වාහන ආනයනය ලබන වසරේද මේ වසරේ මෙන්ම වාහන ආනයනය සීමා කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවත් වාර්තා වනවා.

ඉදිරියේදී ඇතිවිය හැකි තෙල් අර්බූදය හේතුවෙන් විදුලි කාර් දිරිමත් කිරීමටත් ඉදිරි අය – වැයෙන් සූදානමක් ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ හැරුණු කොට ලබන වසර සඳහා වූ අය – වැයෙන් මේ වර්ෂයේ මෙන්ම ආනයන හැකිතාක් දුරට අවම කර ගැනීමටයි ඉලක්ක කර තිබෙන්නේ.

එහිදීද ප්‍රමුඛතාවය හිමිව තිබෙන්නේ වාහන වලට.

විශාල ඉඩම් සංවර්ධනය විශේෂයෙන්ම විශාල ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශයේ දිරිමත් කිරිම අය – වැයේ ප්‍රධාන ඉලක්කයක් බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ දේශීය නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ අරමුණින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now