වාහන වෙළඳපොළට ඉදිරියේදී උදාවන්නාවූ තත්වය
මෙරටට බල පෑ අයහපත් කාලගුණය හමුවේ වාහන වෙළඳපොළ ඉදිරියේදී ස්ථාවර තත්ත්වයකට පත්වනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කර තිබේ.
තවද ඇණවුම් කළ වාහන නිසි පරිදි මේ වන විට විදේශ රටවල සිට මෙරටට ලැබෙමින් පවතින බව එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා ප්‍රකාශ කරයි .එතුමා තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්
'' මෙරටට බලපෑ ගංවතුර තත්වය තුළ වාහන ආනයනයේ වෙනසක් වුණේ නැහැ. මොකද වාහනයක් එන්නේ මාස දෙකකට තුනකට කළින් ඇණවුම් කරන ඒවා.වෙළදපොළට සාමාන්‍ය පරිදි එනවා. වැසි තත්වය තිබුණු කාලයේ සති 2 ක් වගේ ප්‍රශ්නයක් තිබුණා.ආණ්ඩුවත් හරි විදිහට කාටයුතු කරපු නිසා දැන් ගැටළුවක් නැහැ. අලුත් අවුරුද්දත් එක්ක ගොඩක් අය වාහන ගන්නවා . වාහන විකිණෙනවා මේ ටිකේ. අයවැය කාලෙදි අලෙවිය පල්ලෙහා මට්ටමක තිබුණේ. ඒ වගේම ඒ කාලයේ අනිසි පුද්ගලයෝ අනිසි ලෙස වාහන ආනයනය කරලා තිබුණා.පෞද්ගලිකව වාහන ආනයනය කරලා . ඒ ගොල්ලෝ බදු ගෙවන් නැතුව . ඒ තත්වයන් ඉදිරියෙදී වැළකෙයි. අනිසි මිලක් නැතුව සාධාරණ මිලකට ඉදිරියෙදී අලෙවි වෙයි ''
ඒ අනුව පසුගිය සති කිහිපයේදී වාහන වෙළඳපොළේ යම් මිල උච්චාවචනයක් පැවතියද ඉදිරියේදී එම තත්ත්වය ස්ථාවර වනු ඇති බවද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන ලදි.