ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට බිලියන 21ක අලාභයක්
ආපදා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට බිලියන 21ක අලාභයක් මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට රුපියල් බිලියන 21ක අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ .
තවද රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 8ක් ප්‍රතිස්ථාපනය කිරීමට ද සිදුව තිබෙන බව එතුමා සදහන් කරයි.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.