සමාගම් වාහන ආනයනය සීමා කරයි.? - ණයවර ලිපි විවෘත කරවාගෙන මෙහෙයුම් ගාස්තුවක් අය කරයි.

Sri Lanka Government Of Sri Lanka vehicle imports sri lanka
By Wayomi Feb 11, 2025 03:34 AM GMT
Wayomi

Wayomi

Report

වාහන අයනයනය සඳහා ඇති සීමා ඉවත් කළද වාහන ආනයන කරුවන් තොග වශයෙන් වාහන ඇනැවුම් කිරීමට මැලිකමක් දක්වන බවයි වාර්තා වන්නේ.

ඒ, මෙවර වාහන ආනයනයේදී පනවා ඇති දැඩි සීමා කිරීම් හා වාහන මත පනවා ඇති ඉහල බදු මත අලෙවි කිරීමට ගැණුම්කරුවන් සොයා ගැනීමේ ගැටළුවක් වීම හේතුවෙන් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

එම තත්ත්වය මත ඔවුන් සිදුකරමින් ඇත්තේ වාහන අවශ්‍ය අයගෙන් පෙර ඇනුවම් ලබා දී ඔවුන් හරහා ණයවර ලිපි විවෘත කරවාගෙන ඔවුන්ගේ නමටම වාහනය ආනයනය කර දී ඒ සඳහා මෙහෙයුම් ගාස්තුවක් අය කිරීමයි.

එමෙන්ම ආනයනකරුවන් හරහා වාහයක් මිලට ගැනීමේදී පාරිභෝගිකයට අමතර බද්දක් පැටවීම මත වාහනයේ මිලද ඉහළ යන බව ආනයනකරුවන් පවසනවා.

ඒ, අනුව මෙම තත්ත්වය මත මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් පවා වැඩි ප්‍රියතාවයක් දක්වමින් සිටින්නේ පාරිභෝගිකයන්ගෙන් පෙර ඇණැවුම් ලබාගෙන වාහන ආනයනය කරදීමටයි.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අද සහ හෙට විදුලි කප්පාදුවක්. - කරන්ට් කැපෙන වේලාවන් සහ ප්‍රදේශ මෙන්න.

අලුත් සත්තු ජාති තුනක් ලංකාවට. - ඇවිත් තියෙන්නේ කොහෙන්ද බලන්නකෝ.

අලුත් සත්තු ජාති තුනක් ලංකාවට. - ඇවිත් තියෙන්නේ කොහෙන්ද බලන්නකෝ.


You may like this video

 

ReeCha