මෝටර් රථ වාහන ආනයනය කිරීම ගැන රජයෙන් විශේෂ නිවේදනයක්. ( නිවේදනය සහිතයි)

By Wayomi Dec 19, 2024 04:34 AM GMT
Report

මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වූ තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

මේ සඳහා අදාළ කොන්දේසි වන්නේ,

01. ආනයනය කරනු ලබන මෝටර් වාහන, ආයාත බිල් පත්‍රයේ හෝ රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි.

02. මාසිකව CIF වටිනාකමින් 3% සිට අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ වාහනය ලියාපදිංචි කළ යුතුයි.

03.ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන්ගේ නමට ලියාපදිංචි කළ නොහැකි අතර එසේ ආනයනය කරන ලද වාහන ගැනුම්කරුවන්ගේ නමට ලියාපදිංචි කළ යුතුයි.

04. මෙම ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව උල්ලංඝණය කරමින් ආනයනය කළහොත් ආනයනකරුට වාහන ආනයනය කිරීම අවම වශයෙන් මාස 36ක කාලයකට තහනම් කරනු ලැබෙනවා.

05. රෙගුලාසිවලට පටහැනිව මොටර් රථයක් ආනයනය කළහොත් දින 90ක් ඇතුළත ප්‍රතිඅපනය කළ යුතුයි. 06. මින් පෙර භාවිත නොකළ නව අයිතම ආනයනය කළ යුතුයි.


GalleryGallery