2026 වාහන ආනයනය ගැන නරක ආරංචියක් - රේගුවටත් අසුබයි

Report

2026 වසරට අඳාළව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේ වුවත් මෙය 2025 වසරේ උපයාගත් සැබෑ ආදායමට වඩා අඩු අගයක් වීම විශේෂත්වයක් වන අතර, වාහන ආනයනය අඩුවීම මීට ප්‍රධාන හේතුවක් වන බව වාර්තා වේ.

වෙළඳපොළ තුළ වාහන පිරී පවතින බැවින් 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී වාහන ආනයනය අඩුවනු ඇති බව අපේක්ෂා කරයි.

එබැවින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ යනු ඇති බවයි.

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

ඉකුත් 2025 දෙසැම්බර් 30 වන විට රේගුව රුපියල් බිලියන 2,540.3ක සම්පූර්ණ ආදායමක් එකතු කර ඇති අතර, එය මීට පෙර පැවති රුපියල් බිලියන 1,500ක පැවති ඉහළම ආදායම් වාර්තාව බිඳ හෙලීමක් විය.

එහෙත් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දෙසැම්බර් මුල් සතියේ ආනයන කටයුතු මන්දගාමී වුවද, සහන සේවා සහ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම හේතුවෙන් මාසය අවසානයේ ආදායම ඉහළ ගොස් තිබූ බවට වාර්තා වුණා.

එබැවින් දෙසැම්බර් 30 වැනිදා පමණක් රුපියල් බිලියන 20ක ආදායමක් රේගුව උපයා තිබෙනවා.

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආයේ රියදුරු බලපත්‍ර නිකුත් කරන්නේ මෙහෙමයි - මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්

නරක ආරංචියක් - බරපතළ රෝගයක් නිසා ගෙවුණු දවස් පහට විතරක් රෝගීන් 793ක්