අද සිට ක්‍රියාත්මක වන දෙයක් ගැන වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 31, 2022 03:30 AM GMT
Aruna

Aruna

Report

ආදායම් බලපත්‍ර අංකයෙන් QR ක්‍රමයට ලියාපදිංචිවීම අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ මෙතෙක් ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට ගැටලු පැවති සියලු ක්ෂේත්‍ර සඳහා මේ වන විට අවශ්‍ය විසදුම් ලබා දී ඇති බවය.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්ආර් ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව, අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද හෙට දිනයේ සිට වලංගු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය පෙන්වා දෙයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට අදාළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා සතියක කාලයක් පවතින බැවින් හෙට දිනයේ සිට ඉන්ධන පිරවුම්හල්වලට රැස්වී තදබදයක් ඇතිවන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now