සුපිරි රථ වෙනුවට සාමාන්‍ය වාහනයක්..අනාගතයට සුභ පණිවුඩයක්?!!
කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම රැස්වීමට පැමිණ සිටියේ වෙනදාට වඩා සරල,සාමාන්‍ය වාහන කිහිපයකින් බවද දැනගන්නට ඇත.
පසුගිය දිනවල රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මැති ඇමතිවරුන් සුපිරි රථවලින් ගමන් කිරීම සීමා කර සාමාන්‍ය වාහන භාවිතා කිරීම මෙරට අනාගත දේශපාලනයට පණිවුඩයක් ලබා දෙයි.
මේ වන විට වාහන වෙළඳ පොලේ පවතින අධික ඉල්ලුම නිසා සාමාන්‍ය වාහන සඳහාද ඇත්තේ ඉහල මිලකි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |