අහස උසටම යන එළවළු මිල.

Sri Lanka Sri Lanka Food Crisis Economy of Sri Lanka
By krishani Jul 26, 2023 05:58 PM GMT
krishani

krishani

Report

වෙළඳපොලේ එළවළු මිල ගණන් වල කැපී පෙනෙන මිල ඉහළ යාමක් වාර්තා වෙනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (25) දිනයේ, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 300 ත් 350 ත් අතර අගයක මිල සටහන් විය.

එය මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 400 ඉක්මවා මිල සටහන් විය.

එමෙන්ම කැරට් සහ බෝංචි මිල ගණන් ද ආර්ථීක මධ්‍යස්ථාන වලින් තවදුරටත් ඉහළ මට්ටමකින් මිල සටහන් විය.

රුපියල් 400 ත් 470 ත් අතර අගයක කැරට් තොග මිල පෑලියගොඩ, දඹුල්ල, මීගොඩ, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවලින් වාර්තා විය.

කෙසේ වෙතත්, අමුමිරිස් තොග මිල ද ආර්ථික මධ්‍යස්ථාන රැසක රුපියල් 500 ට ආසන්න වූ අතර ලීක්ස් මිලෙහි යම් අඩුවක් දක්නට ලැබිණ.

ReeCha