ඩීසල් මිලයි මහ වැස්සයි නිසා එළවළු කටේ තියන්න බැරි වෙයි - ගිනි ගණන් ගිය එළවළු මිල ගණනුත් එක්කම මෙන්න

Report

ඩීසල් මිල ඉහළ යාම, අයහපත් කාලගුණික තත්ත්වය ආදී කාරණා මත වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු හෙළි කරයි.

ඒ අනුව ඩීසල් මිල ගණන් ඉහළ යාම නිසා ආර්ථික මධ්‍යස්ථානවලට සුළු පරිමාණ වෙළෙඳුන්ගේ පැමිණීම විශාල ආකාරයට පහත වැටී ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොරතුරු අනුව බෝංචි රුපියල් 500, තක්කාලි රුපියල් 400, පිපිඤ්ඤා රුපියල් 160, බණ්ඩක්කා හා පතෝල රුපියල් 200 - 280 ත් අතර, කරවිල රුපියල් 420, වම්බටු රුපියල් 370, දඹල රුපියල් 360ක්, මාළු මිරිස් රුපියල් 420 දක්වාද එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල ඉහළ ගොස් ඇති බව සඳහන්.

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

විශාල ලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රටේ ඉන්ධන කෝටාව සහ QR ක්‍රමය ගැන දැනුම්දීමක්

එමෙන්ම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වූ තොරතුරුවලට අනුව බෝංචි කිලෝ ග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 600 - 650 දක්වාත් මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 450ක් දක්වාත් වැඩිවී ඇත.

ඊට අමතරව මේ දිනවල පවතින වැසි සහ සුළං තත්ත්වය නිසා කඳුකරයේ එළවළු වගා බිම් රැසක අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවට ද ආර්ථික මධ්‍යස්ථාන කරුණු දක්වයි.

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

ලංකාවේ කාලගුණය කළඹන අඩුපීඩන කලාපය ගැන කළ නවතම නිවේදනය මෙන්න - පීඩන කලාපය උතුරට යෑමෙන් රතු එළි රැසක්

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න

අද දවසේ සෞඛ්‍ය, සම්බන්ධතා, රැකියාවේ වගේම අයවැයෙත් සුභ අසුභ කියන දවසේ ලග්න පලාපල මෙන්න

කැඩී වෙන් වී ගිය මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?

කැඩී වෙන් වී ගිය මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?