රටම සංවේදී වුණ.. කලා වැවේ ආඩම්බරකාරයාගේ අවසන් කටයුතු සිදු කෙරේ..

By krishani Nov 29, 2024 04:32 PM GMT
Report

අනාරක්ෂිතව ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී මියගිය "දීඝදන්තු 1" හස්තියාගේ අවසන් කටයුතු අද (29) උදෑසන සිදුකළේ ය.

දීඝදන්තු 1 කලා වැව ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගනිමින් ජීවත් විය.

කලා වැව ඇත් පරපුරේ අවසන් හස්තියා වූ එම දීඝදන්තු 1 ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට ආභරණයක් විය.

කාලගුණයෙන් රතු නිවේදනයක් මෙන්න.. එතකොට හෙට මොකක්ද මේ වෙන්න යන්නේ?.

කාලගුණයෙන් රතු නිවේදනයක් මෙන්න.. එතකොට හෙට මොකක්ද මේ වෙන්න යන්නේ?.

කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලත්වයෙන් වැඩිම දළ යුගල සහ වයසින් වැඩිම හස්තියා වූ දීඝදන්තු 1 හස්තියා කලාවැව ජාතික වනෝද්‍යානය සහ කහල්ල පල්ලෙකැලේ අභයභූමිය කේන්ද්‍ර කරගනිමින් වාසය කළේ ය.

විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් පැමිණියේ ද මෙම හැඩකාර හස්තියා සියැසින් දැක ගැනීමට ය.

කෙසේ වෙතත්, එම හස්තියාට විදුලිසැර වැදුණු විදුලි රැහැන ඇදතිබූ නිවසෙහි හිමිකරු එළැඹෙන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.

You May Like This Video👇 

.