හදිසියේම ළුෑණු මිල සීඝ්‍රයෙන් පහළ බසී..හේතුව මෙන්න.

Jaffna Vegetables Vegetables Price Vegetable Price Today
By Aruna Mar 28, 2024 04:49 PM GMT
Aruna

Aruna

Report

රාබු,කැකිරි ඇතුළු එළවළු වර්ග කීපයක කිලෝවක තොග මිල රුපියල් 20 ත් 30 ත් අතර මිලක් දක්වා අඩුවී තිබෙනවා.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ රාබු සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ (27) දිනයේ අලෙවි කෙරුණේ රුපියල් 20 ක තොග මිලකටයි.

දඹුල්ල තොග වෙළෙන්දෝ කියා සිටින්නේ, කැකිරි සහ මෑකරල් කිලෝවක් රුපියල් 30 ක තොග මිලකට අලෙවි කෙරුණු බවයි.

එමෙන්ම,ගොටුකොළ, කංකුන් පලා මිටියක මිල රුපියල් 25 ක් දක්වාද පොළොස් ගෙඩියක මිල රුපියල් 55 ක් දක්වාද අඩුවී තිබෙන බවද වාර්තා වේ.

ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් මෙලෙස මිල ගණන් අඩුවී ඇති බවයි වෙළෙන්දෝ පවසන්නේ.

යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ලට විශාල වශයෙන් රතුලූනු තොග ඇතුළු එළවළු තොග ලැබීම නිසා පසුගිය දිනවල කිලෝවක් රුපියල් 350කට අලෙවි වූ රතුලූනු කිලෝවක මිල ඊයේ (27) වනවිට රුපියල් 110 ත් රුපියල් 230ත් දක්වා අඩුවී තිබීම ද විශේෂතවයක්..