පාපැදිකරු බෙරන්න ගිය ලොරිය අධිබලැති විදුලි කනුවේ හැපිලා
වව්නියාව ඕමන්ත ඒ-9 ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් අධිබලැති විදුලිකනුවක ගැටී අනතුරට ලක්වීම හේතුවෙන් පැය 05 කට ආසන්න කාලයක් ඕමන්ත ප්‍රදේශයේ විදුලිය විසන්ධි විය.
යාපනය මහනුව ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව සිට යාපනය දෙසට ධාවනය වූ ලොරි රථය ඉදිරියෙන් ගමන්ගත පාපැදිය එකවරම හැරවීමට ගත් උත්සහයකදී පාපැදිකරු බේරීමට ගත් උත්සහයකදී ලොරිරථය මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කනුවේ ගැටී ඇති බවට අනාවරනය වී ඇත.
අනතුරින් අධිබලැති විදුලි කනුව සම්පූරණයෙන්ම විනාශ වී ලොරි රථයටද දැඩි හානි සිදුවී තිබුණු අතර විදුලි කනුවේ ගැටීමෙන් පසුව විදුලි කනුව ලොරිය මතට වැටී ඇතත් ලොරි රථයේ රියදුරුට විදුලිසැර වැදී නොමැති බවද වාර්ථා වෙයි.
අධිබලැති විදුලි කනුව කැඩී යාමෙන් ඔමන්ත ප්‍රදේශයේ පැය 05 කට ආසන්න කාලයක් විදුලිය විසන්ඳි වී ඇති අතර වව්නියාව විදුලිබල මණ්ඩල නිලධාරීන් සිද්ධිය ළුූ ස්ථානයට පැමිණ විදුලිය නැවත යාථා තත්වයට පත්කරන ලද අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
|