නීතිවිරෝධීව ඉන්ධන රැස්කරන ස්ථාන වටලන්න විශේෂ අවසරයක්

Report

නීතිවිරෝධී අයුරින් ඉන්ධන රැස්කර තබා ඇති ස්ථාන කිසිදු කොන්දේසියකින් තොරව වටලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පොලිසියට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වර්තමාන තත්ත්වය හමුවේ රට තුළ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය බවයි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

පවතින ඉන්ධන සංචිත කළමනාකරණය කරගැනීමට මහජනතාවගේ සහයෝගය උපරිමයෙන් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම උපදෙස්වලට අනුව ඉදිරි දිනවලදී දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වන අතර, කළු කඩ මිලට ඉන්ධන අලෙවි කරන්නන් සහ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කරන්නන් හඳුනා ගැනීමට නීතිය ක්‍රියාත්මක වේ.

5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීමේ සිද්ධිය උඩුදුවයි - ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනා පත්‍ර

5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීමේ සිද්ධිය උඩුදුවයි - ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනා පත්‍ර