සියලු භාණ්ඩ වලට වැට් බදු..? මෙරට සියලු භාණ්ඩ මිල ජනවාරි සිට ඉහළට..? වෙන්න යන දේ..

Report

සියලුම භාණ්ඩ සඳහා වැට් බදු පනවනු ඇති බවට තමාට දැනගන්න ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (05) දින පාර්ලිමේන්තුවේ දී පැවති අධ්‍යාපන වැය ශීර්ශයේදි අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියා.

සියලු භාණ්ඩ වලට වැට් බදු..? මෙරට සියලු භාණ්ඩ මිල ජනවාරි සිට ඉහළට..? වෙන්න යන දේ.. | Vat On All Goods

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාසැල් පොත්පත් සඳහා වැට් බදු පනවන්නේ දැයි යනුවෙන් විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින්.

උපුටා ගැනීම.

පාර්ලිමේන්තුව පා.ම. ඩලස් අලහප්පපෙරුම - අපිට දැනගන්න තියෙන විදියට වැට්, පළවෙනි වතාවට පාසැල් දරුවන්ගේ පොත්පත් සඳහා ආදේශ කරන්නට යන බව දැනගන්නට තියෙනවා. ඒක ඇත්තක් ද? 

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - වැට් සම්බන්ධයෙන්, මුදල් අමාත්‍යාංශයෙන් තමයි ඒක යොදලා තියෙන්නේ. මෙතෙක් වැට් නොයෙදපු ඒවාටත් වැට් යෙදෙන බව තමයි තියෙන්නේ. දැන් ඉරිදා තියෙනවා විවාදය. එතනදී සැක හැර දැනගන්න පුළුවන්. නමුත් මට දැනගන්න තියෙන හැටියට, වැට් බද්ද සියලුම භාණ්ඩවලට දාන්න වෙනවා. ඒ අය කියන හැටියට. නමුත් මම ඉල්ලීමක් කළා, විශේෂයෙන් අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ, ඒවායේ වැට් බද්ද ඉවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි කියලා.

වැට් බද්ද වැඩි කිරීමෙන් භාණ්ඩ කිහිපයක් නිදහස් බව කෙසේ වුවද මීට පෙර වාර්තා කර තිබුණු අතර එලෙස වැට් බදු වැඩි කළහොත් මීළඟට භාණ්ඩ මිලද ඉතා ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.

අදත් පාර්ලිමේන්තු කටයුතු ඇරඹුණේ මෙහෙමයි. - LIVE

අදත් පාර්ලිමේන්තු කටයුතු ඇරඹුණේ මෙහෙමයි. - LIVE