16 වියැති දරුවා පැදවූ රථයට යටවූ ‘තාත්තා වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬා වැලපෙන දියණිය ‘(PHOTOS) (VIDEO)
වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වු දෙදරු පියාගේ ඥාතීන් අද(05) මහබාගේ පොලීසිය ඉදිරිපිට ට රැස්ව සිටි අතර අනතුරට වගකිව යුතු පාර්ශවයට නීතියෙන් නිසි දඬුවම් ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා තිබෙන්නේ
16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ(05) උදෑසන මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබුවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි දෙදරු පියෙක් එක් අයකෙුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ එලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවෙක් වන අතර මියගිය පුද්ගලයා එම දරුවාගේ ඥාතියෙක් වනවා
මියගිය පුද්ගලයාගේ දියණිය අදහස් දක්වමින් කියා සිටින්නේ
“අම්මලා තාත්තලාගේ නොසැලකිලිමත්කම නිසා කරපු දෙයින් මගේ පවුලම අසරණයි. මගේ මල්ලිගේ කකුල් අතපය ඔක්කෝම ඉවරයි. එයාගේ ජීවිතෙත් එහෙම් පිටින්ම ඉවරයි. මරණෙත් එක්ක එයා සටන් කරන්නේ. අද මගේ තාත්තා මරණයට පත්වෙලා. අපේ ඉස්සරහ අනාගතේට කවුද වගකියන්නේ. ඒ අයට කිසිම ගානක් නෑ. නීතිය යටපත් කරන්නේ නැතුව මේක විසඳුවොත් හොඳයි. රියදුරු බලපත්‍රයක්වත් නෑ ඒ ළමයට. අන්තිමේ දී අපිට තමයි මේ අසාධාරණය වුණේ. මේකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මගේ තාත්තට වගේ ම අනිත් අයට මීට කලින් අසාධාරණ වෙලා තියෙනවා. ඒවත් ඔක්කෝම යටපත් වුණා මිල මුදල් තනතුරු නිසා. මගේ තාත්තට හරි මේ අසාධාරණය නොවී අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |