රනිල්ට සෙත් පතා වජිර අනුරපුරේදී කිරි උතුරයි

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාරගතව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටියදී ඔහු ගැන සොයා බැලූ සමීපතමයන් අතර වජිර අබේවර්ධන ප්‍රධාන වේ.

ඒ අනුව ඔහු මේ කටයුතු අවසන් වීමෙන් පසු ඔහු පසුගියදා සිය බිරිය සහ පුතුන් දෙදෙනා සමඟ අනුරාධපුරයට ගියේය. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියස සූදානම් කර තිබූ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ පූජාවට සූදානම් වන්නේ විශේෂ කරුණු දෙකකටය.

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා

එකක් අසනීපයෙන් පසුවන රනිල්ට සෙත් පැතීමය. අනෙක එදිනටම වජිරගේ උපන් දිනය යෙදී තිබීමය. හිටපු මැති - ඇමැතිවරුන්, දේශපාලනඥයන් මෙන්ම වර්තමාන ආණ්ඩුවේ මැති - ඇමැතිවරුන්ද වජිරගේ උපන්දිනයට සුබ පැතූහ.

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කන්ටේනර් ගැටලුව ගැන අර්චුනාගේ මතය බොරුවක් වෙන්න බැහැ - නාමල් ඇත්ත හෙළි කරයි

කොහොම වුණත් ආරංචි විදිහට සිය විශ්වාසවන්තයාට සියල්ලට පෙර සුබ පතා ඇත්තේ රනිල් වික්‍රමසිංහය, අඟහරුවාදා උදෑසන වජිරත් පවුලේ අයත් උදෑසනින්ම ජය ශ්‍රී මහ බෝධිය අසලට ගොස් මෙම පූජාවෙහි නිරත වූහ. උදෑසනින්ම සකස් කළ සතර වාහල්කඩ කිරි ඉතිරවීමේ පූජාවේ අග්‍ර කොටස ජය ශ්‍රී හා බෝධීන් වහන්සේට පූජා කොට සෙසු පූජාව ජය ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කරන්නට පැමිණි සැදැහැවතුන්ට වජිරගේ අතින්ම බෙදාදුන් බව සදහන්.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට