රනිල් ඉතිරි කළ සල්ලි පැටව් ගහන්නේ නැහැ - ආණ්ඩුවට රිදන්නම වජිර අමතයි

Report

රනිල් වික්‍රමසිංහ මහතා රටට ඉතිරි කර ගිය මුදල් පොට්ටනිය පැටව් ගහන්නේ නැති බැවින් රටේ ආර්ථිකය දිනෙන් දින පහත වැටෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

රනිල් මහතා ඉතිරි කළ මුදල් පොට්ටනියේ සල්ලි අවසන් වන තුරු වියදම් කිරීමට හැකියාව තිබුණද, ආණ්ඩුව ආර්ථිකය ගැන මීට වඩා තියුණු අයුරින් සිතිය යුතු බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

රනිල් මරණාසන්නව ඉන්නවා කියලනේ කිව්වේ? එහෙනම් කොහොමද සෙල්ෆි ගැහුවේ? පහුවදාම දැඩි සත්කාරෙන් ගෙදර ගියේ? පොත් කියෙව්වේ?

රනිල් මරණාසන්නව ඉන්නවා කියලනේ කිව්වේ? එහෙනම් කොහොමද සෙල්ෆි ගැහුවේ? පහුවදාම දැඩි සත්කාරෙන් ගෙදර ගියේ? පොත් කියෙව්වේ?

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍යවේදීන් හමුවේය.

“අපි උදාහරණයක් ගමු. ගෙදර සීයා හෝ ආච්චි මුදල් පොට්ටනියක් පිරවා තබා ඇත. නමුත් එහි සල්ලි පැටව් ගහන්නේ නැහැ. රනිල් මහතා රටට ඉතිරි කළේත් එවැනි මුදල් පොට්ටනියකි. එහි සල්ලි ඉවර වන තුරු වියදම් කළ හැකියි. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නැති බව අපි මතක තබා ගත යුතුයි.

ලබන 21ට කලින් ගම්මන්පිල හිරේට? මාව හිරේට දාන්න කියලා ඇමතිලා ඉල්ලනවලු

ලබන 21ට කලින් ගම්මන්පිල හිරේට? මාව හිරේට දාන්න කියලා ඇමතිලා ඉල්ලනවලු

එබැවින්ම රටේ ආර්ථිකය දිනෙන් දින පහත වැටෙමින් පවතින බව අපි කියමු. එවැනි අවස්ථාවක රනිල් මහතා ජාතියේ අවශ්‍යතාවයට යොදා ගැනීමට සිදුවුවහොත් එය ඉතා සරල කාරණයක් ලෙස මම දකිමි.

එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ රටේ ආර්ථිකය ගැන අනාවැකි කීවා සේම, දැන්ද මම අනාවැකියක් කියමි. රනිල් මහතා ගිය මාවත වෙනස් නොකරන්න. එය වෙනස් කළහොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුරු වේවි”  

“රටේ රාජ්‍යයන් දෙකකට ඉඩ නැහැ" - ජනපතිගේ දැඩි ප්‍රකාශය

“රටේ රාජ්‍යයන් දෙකකට ඉඩ නැහැ" - ජනපතිගේ දැඩි ප්‍රකාශය