රු. ලක්ෂ 12ක එන්නත් සඟවාගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

Report

රුපියල් ලක්ෂ දොලහක් වටිනා ප්‍රතිජීවක එන්නන් තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබියදී , ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (13) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 30 හැවිරිදි වියේ පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙක්.

ඔහු ඊයේ (13) දින දහවල් 11.40 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1283 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ප්‍රතිජීවක එන්නන් තොගය සඟවා තිබියදී සිය භාරයට ගත් බවයි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සඳහන් කළේ.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ලංකාවට වැලන්ටයින් නෑ වගේ - රෝසමල් ගන්නවත් සල්ලි නැල්ලු

ලංකාවට වැලන්ටයින් නෑ වගේ - රෝසමල් ගන්නවත් සල්ලි නැල්ලු