ප්‍රවේසමෙන්..තවත් එන්නතක ඵලදායිතා පරීක්ෂණයකින් හෙළි වූ දේ..? (VIDEO)

covid19 vaccination AstraZeneca covishield jayawardhanapura
By Sewvandhi Jul 30, 2021 12:02 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ සති 16කට පසු කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු මට්ටමකින් අඩුවන බව ශ්‍රී ලංකා පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසා සිටියේ, එම පුද්ගලයින් ප්‍රමාද වී හෝ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවය.

කොවිෂීල්ඩ් එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින්ගේ ශරීරයන්ගේ ප්‍රතිදේහ නිර්මාණය වීම සියයට 93.4ක් වන බව ද ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන චන්දිම ජීවන්දර මහතා,

"අපි තවදුරටත් මේ අධ්‍යයනය කරලා බැලුවා, එන්නත් මාත්‍රා එකක් ගහපු එයට සති 16කට පස්සේ, දෙවැනි මාත්‍රාව ලැබුණොත් එක මාත්‍රාවක් ප්‍රමාණවත් වෙයිද ? ඒකෙන් ලැබෙන ප්‍රතිශක්තිය ඇති ද? තවත් මාත්‍රා ගහන්න ඕනේ ද කියන ප්‍රශ්නය අපිට පැන නඟිනවා. ප්‍රතිශක්තියක් ගොඩනැඟෙන කොට අපි බැලුවා හැම ප්‍රතිශක්තියක් ආශ්‍රිතවම මතකයක් තියෙනවා. මතකය රැඳිලා තියෙන ප්‍රධාන ශෛල දෙකක් තියෙනවා. අපි මතක ශෛලවල හැකියාව හොයලා බැලුවා. මතක ශෛල ගත්තහම ඉතා හොඳ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ දෙවැනි මාත්‍රාව ප්‍රමාද වෙලා හම්බුණා ට අපිට තව එන්නතක් ලබා ගැනීම තුළින් මතක ශක්තිය ගොඩනඟා ගැනීමට අවශ්‍ය කරන හැකියාව ශරීරය තුළ තියෙනවා කියන පදනම අපි තේරුම් අරගෙන තියෙනවා. ගැහුවට පස්සේ මතක ශෛල ගොඩනැඟෙනවා ද කියලා බලන්න ඕනේ ඉදිරියේ දී පහුවුණ අයගේ ගහලා ඉවර වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යයනයක් කරන්න. දැනට අපේ දත්ත වාර්තා අනුව තියෙන්නේ, සති 16 යන කොට ප්‍රතිදේහ තිබුණට කාර්යක්ෂම ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස අඩුවෙනවා. ඒ වගේම මතක ශෛල හොඳින් තියෙන නිසා නැවත මාත්‍රාවක් ලබාගැනීම තුළින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව තියෙනවා. "


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now